Wednesday, January 15, 2014

නක්ෂත්‍ර වලට මිථ්‍යා විශ්වාස වලට අපේ ගමන නවත්තන් බැහැ අසික්කිත හිවලුනේ...

දැන් දැන් එක එක අවතාර එනවා බ්ලොග් අඩවිවලට. මේ අවතාර දැන් දැන් මට තර්ජනය කරලා කමෙන්ට් දාන්නත් පටන් අරගෙන. මම දන්නවා මේහෙම තර්ජනය කරලා කමෙන්ට් දාන නරි මොක්කුන්ද කියලා. මම දැනටමත් ඒ නරි ගැන දැනුවත් වෙලා ඉන්නේ. නරින්ට බැහැ මේ කාන්තා සංවිධානවල ගමන නතර කරන්න. දැන් උන් අලුත් සෙල්ලමක් පටන් අරගෙන එකෙක් කියනවා නිර්නාමිකව ඇවිල්ලා අපි ඌට බය වෙලා ඉන්න ඕනලු. නැතිනම් අපිට ඌ තර්ජනය කරනවා. මම කියනවා එදා ඉන්දියාවේ අභීතා දියණිය සාමූහිකව රංචු ගැහිලා දූෂණය කලේ බස් රථයකදී නුඹලා වගේ අසමජ්ජාති අසික්කිත පිරිමි රංචුවක් විසින් කියලා. දැන් තොපි හදන්නේ මේ වගේ කාන්තාවන්ගේ බ්ලොග්වලටත් ඇවිල්ලා ඒ වගේ තර්ජනය කරලා අපිව බය කරලා බ්ලොග් ලියන එක නවත්තලා දාගන්න. දැන ගනිල්ලා අපි එහෙම උඹලා වගේ බය වෙන්නේ නැහැ. උඹලගේ ප්‍රති වාදියා කියන එකා හැංගිලා ඉඳගෙන එක එක්කෙනා එක එක වෙලාවට එවලා අපිව බය කරන්න හිතුවා මදි. දැන ගනිල්ලා අපි කාන්තාවන් වුනත් උඹලා වගේ නපුංසක පිරිමින්ට වඩා ශක්තිමත් බව.

මම නුඹලට කියන්නේ මෙහෙම හැංගිලා පහර දෙන්නේ නැතුව. ඉදිරියට ඇවිල්ලා නුඹලගේ සැබෑ ස්වරූපය අපිට පෙන්නපල්ලා කියලයි. එහෙම නැතුව අන්තර්ජාලයේ දකින දකින කෙල්ලන්ගේ ලිපින ඉල්ලලා කරදර කරන්න ගියොතින් එහෙම වැඩි දවසක් යන්නේ නැතුව උඹලට පොලිස් කූඩුවේ කූරු ගනින්න තමයි සිද්ධ වෙන්නේ. ඒ බව දැනගෙන වැඩ කරපල්ලා. නුඹලා අසික්කිත නරුමයින් බව උඹලා වැඩ කරන හැටියෙන් අපට තේරුම් අරගන්න පුලුවනි. ඒ බව හොඳින් සිතේ තබාගෙන වැඩ කටයුතු කර පල්ලා. තව ටික දවසයි තොපි ඔය විදිහට උඩ පනින්නේ බලා ගනිල්ලා. නුඹලා කාණුවල පල්වෙලා යන පණුවෝ වගේ. ජරා සත්තු ටිකක් දැන ගනිල්ලා. නුඹලා උඩ පැනලා නටලා නටලා හති වැටිලා එපා වෙන දවසක් ඒවි නුඹලටම. නමුත් දැන ගනිල්ලා ඊට කලින් නුඹලට සිද්ධ වේවි මේ හැම දෙයකටම ලේවලින් වන්දි ගෙවන්න. සූදානම් වෙයල්ලා නුඹලගේ ඒ වන්දිය අය කරගන්න දැන් හැම වැඩ පිළිවෙලක්ම සූදානම් කරලයි තියෙන්නේ. නුඹලට සිද්ධ වෙලවා මහ උළු ගෙදර සිර බත් කන්න දැන ගනිල්ලා.

1 comment:

  1. ඔයාට මගේ ලිපිනය ඕනේ නම් මගේ බෝයි ෆෙන්ඩ්ගෙන් ඉල්ලා ගන්න. එයාගෙන් තුවාල කර ගන්න එපා පරිස්සම් වෙලා ඉන්න. මේ දවස්වල කෙන්ද්‍රය බලවා ගත්තේ නැද්ද අපල තියෙන්න පුලුවන් විශේෂයෙන්ම හදිසි අනතුරු වගේ දේවල් වෙන්න පුලුවන්.

    ReplyDelete