Tuesday, January 14, 2014

අනේ අපොයි අපේ අය මිනිස්සුන්ට රැවටෙන රැවටිල්ලක්...

මම හිතන්නේ අපේ රටේ මිනිස්සු සංවේදී නැහැ. බලන්න දැන් කාර් එකකට බල්ලෙක් බළලෙක් යට කරගෙන ගියත් අපේ මිනිස්සු ඒ සතාගේ මළකුණ ඉවතට අරගෙන දාන්නවත් කවුරුවත් උනන්දු වෙන්නේ නැහැ. මේකෙන් පෙන්වන්නේ අපේ රටේ මිනිස්සු සංවේදී නැතිබව නේද? දැන් බලන්න කාට හරි කාව හරි මරන්න ඕන වුනොත් එයා කරන්නේ නමගිය පාතාල කට්ටියකට ඒ කොන්ත්‍රාත් එක බාර දෙන එක. සල්ලි දෙනවා තමයි. නමුත් සංවේදී හැඟීම් තියෙන කෙනෙකුට සල්ලි නෙවෙයි ලෝකේම දෙනවා කිව්වත් මිනී මරන්න පුලුවන් වුනේ කොහොමද? මේක හදිසියේ රට තුළ ඇති වුන තත්වයක් නෙවෙයි. මේ ජරා ජීර්ණ නිවට නියාලු දේශපාලන ව්‍යාපාරයෙහි එක් පැතිකඩක් විදිහට මේ වගේ අවර ගණයේ සමාජ පුද්ගල චරිත කිරි පොවලා නඩත්තු කලා. ඇයි තමන්ගේ දේශපාලන චන්ද ව්‍යාපාරයට මේ වගේ අය දහ දහස් ගණනක් අවශ්‍ය නිසා. මේකෙන් වැටහෙනවා නේද මෙයාලා කරලා තියෙන්නේ මහත්මා දේශපාලනය ද නැතිනම් මැර දේශපාලනය ද කියලා. දැන් බලන්න චන්දේ කාලයට එකම පක්ෂයේ අය අතරත් විවිධ හැල හැප්පිලි මනාය. මනාව පොරය නිසා එකම පක්ෂයේ අය අතර විවිධ අමනාපකම්. සමහරු තමන්ගේ කොටස නොලැබුනාම කේවල් කරලා කරලා වෙනත් පක්ෂයකට ගිහිල්ලා සියලු වරදාන යස ඉසුරු සියල්ල ලබාගෙන යලිත් සුඛිත මුදිත වෙලා ජනතාවට කොකා පෙන්නනවා. ජනතාවත් සියල්ල අමතර කරලා පුුරුදු විදිහට ගමේ හිතවතාට චන්දේ දීලා ගමේ හිතවතාව පාර්ලිමේන්තු යවනවා. මොකටද තමන්ට වැඩක් කර ගන්නද? නැහැ එහෙම නම් තමන් අඳුනන කෙනෙකුට වැඩක් කරවා ගන්නද එහෙමත් නැහැ. එහෙම නම් චන්ද ලබා දීමෙන් ඇත්තටම චන්දදායකයින් දේශපාලනඥයින්ගෙන් බලාපාරොත්තු වන්නේ කුමක්ද?


මම හිතන විදිහට චන්දදායකයෝ දේශපාලනඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ විහිලු සැපයීම. තමන්ව දිගින් දිගටම රවටනු ලැබු කපටි නරුම දේශපාලනඥයින්ට දිගින් දිගටම රැවටෙමින් බලය ලබා දීමේ දී ඔවුන් විසින් තව දුරටත් තමන්ව රවටනු ඇතැම් මේ චන්දදායක ජනතාව බලාපොරොත්තු වෙනවා. එම බලාපොරොත්තු ඔවුන් අතින් ඉටු වීම මඟහැරණු දිනයක ඔවුන් විසින් තමන්ව වඩාත් හොඳින් රැවටිය හැකි වෙනත් කපටි නරුමයින් පිරිසක් තෝරාගෙන මහජන නියෝජිතයින් වශයෙන් ඔවුන්ව පත් කරවලා කොහොම හරි පාර්ලිමේන්තුවට යවන්න උත්සාහ කරනවා. මොකද ජනතාව දන්නවා හොඳම විහිළුකාර ජෝකර්ලා ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ කියලා. මොකද පාර්ලිමේන්තුව ඇතුලේ කතාබහට ලක්වන දේවල් විවෘත පරිසරයේ දී වලංගු නොවන බව දැන දැන දැනත් නිකම් සිංහයින් වගේ කතාබහ කරන්නේ ජනතාව ඒ වගේ දෙකයි පණහේ තුට්ටු දෙකේ වැඩවලින් විශාල මානසික තෘප්තියක් ලබන බව දන්න නිසා.

No comments:

Post a Comment