මානව සම්බන්ධතා පැවැත්වීමේදී මිනිසුන් අතර ඇති වන අනෝන්‍ය විශ්වාසය, සුහඳතාවය ඉතා වැදගත්ය. මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීමේ දී ඔවුන් අතර ඇති වන සුහඳතාවය ඉතාම වැදගත් වන්නේ ඒ සුහඳතාවය මානව වර්ගයාගේ සමඟියට ඉවහල් වන හෙයිනි. සමාජ ඒකීත්වය ඇති කර ගැනීමට මෙකී සුහඳතාව විශාල වශයෙන් උපකාරී වේ. කුඩා කල සිටම දරුවන් අතර සාමූහික ක්‍රියාකාරකම් වර්ධනය සඳහා උපාකාරීවීම වැදගත් වන්නේ එම සාමූහික ක්‍රියාකාරකම් මඟින් ඔවුන් අතර සුහදතාව වර්ධනය වන බැවිනි. මෙවැනි මානව චර්යාවක් තිබීමෙන් මානවයා පසුගාමී නොවී මානව වර්ගයාගේ ප්‍රවර්ධනය පිණිස කටයුතු කරන උසස් මානසික මට්ටමකින් හෙබි පුද්ගලයින් බවට පරිණාමණය වීමට එය උපකාරී වේ. දැනට මානව සමාජය මෙවැනි උසස් ආකල්පවිලින් සමන්විත පුද්ගලයින් අවම ප්‍රමාණයක් සමාජය තුළ කටයුතු කරන බව දැකගැනීමට ලැබේ. මානව වර්ගයා අතර දක්නට ලැබෙන විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් පිටතට විදා හැරෙන පණ්විඩය නම් සමාජ ඒකාබද්ධතාව නූතන සමාජය තුළ බිඳ වැටී ඇති බවකි. සමාජ ඒකාබද්ධතාවය පැවතුනු සමාජයක මෙලෙස එය බි ඳ වැටීමට විවිධ සමාජ විද්‍යාත්මක සාධක ඉවහල් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
ගැහැණි පිරිමි සමාජ භාවය වැනි සාධක සමාජ ඒකාබද්ධතාවය සුරැකීමට වඩා එය බිඳ දැමීමට ඉවහල් වී ඇති බව සමාජ දේහය සුපරික්ෂා කාරීව නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට ප්රත්යක්ෂ වන කාරණයකි. ගැහැණු පිරිමි සමාජ භාවය තුළින් සමාජ සුහඳතාව වර්ධනය කරනු වෙනුවට සමාජයේ මුලිකව ලිංගික වරණය මත පදනම් වූ බේදීමක් නිර්මාණය වී ඇති බවට සමාජ විද්‍යාඥයින් විසින් අනතුරු හඟවා තිබේ. ලිංගික නිර්ණය සමාජය තුළ වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිත කිරීමට අදාළව ලැබී ඇති ජීව විද්‍යාත්මක අනුබලයක් වන නමුදු වර්තමාන සමාජයේ දී ලිංගික වරණය බෙහෙවින් උපයෝගී කරගෙන ඇත්තේ සමාජ ඛණ්ඩනය කිරීමේ උපකරණයක් වශයෙන් බවට සමාජ විද්‍යාඥයින් විසින් චෝදනා මුඛයෙන් යුතුව පවසා ඇත. මෙලෙස යම්කිසි මතවාදයක් සමාජය පුරා ව්‍යාප්ත වීමට හේතුව කුමක් විය යුතුද? සමාජ ඒකාබද්ධතාවය බිඳ වැටීමට කිසියම් අනුබලයක් සමාජයතුළන්ම බිහි වීමට හේතුව කුමක්ද? ස්වභාවිකව වර්ගයාගේ අඛණ්ඩ ව්‍යාප්තිය පාලනය කිරීමට සමාජ විද්‍යාත්මකව නිර්ණායකයක් පහළවීමක් සිදු වූවේද? සමාජයේ දී සිදුවන වර්ගයගේ අඛණ්ඩ බෝවීම පාලනය කිරීමට ස්ත්‍රී පුරුෂ සිත්වලට උනුන්ට ද්වේෂ සහගත ආකල්පයක් නිරායාසයෙන්ම ලැබී තිබේ. එය ස්වභාවිකව මානව වර්ගයාගේ බෝවීම පාලනය කිරීමට ලැබී ඇති දාායාදයක් පරිදි ක්‍රියාත්මක වේ. සමරිසිභාවය මෙහි අතුරුප්රතිඵලයකි.